කලින් දාපු ලිපයෙ විදියට Fiverr account එකක් හදා ගන්න ඇතිනේ.එහෙනම් මේ ලිපියෙන් නියම Gig එකක් දාන හැටි බලමු.ඊට කලින් ඔයාල දැනගන්න එපැයි මොනවද Gig එකට දාන්නෙ කියල..මෙන්න මේ වගේ දේවල් ටිකක්...(දැන් ඔයා Fiverr වල වැඩ කරන්නෙ Seller කෙනෙක් විදියට...ඒ කියන්නෙ ඔයා තමයි වෙළෙන්ඳා.)
- තමාගේ විශේෂ දක්ශතා තියෙනවානම් ඒවා විකුනන්න පුලුවන්, සින්දු කියන්න, සංගීත භාන්ඩ වාදනය, රැප් කිරීම, ලිවීම වගේ දේවල්.
- Social Marketing (Facebook Likes 500ක්, Twitter Follower 500 ක්, LinkedIn Connectors, Google + friends)
- Net එකෙන්ම හොයාගත්ත eBooks, Video lessons, Learning Essentials.
- ඒ වගේම තමන්ට හොඳයි කියල හිතෙන ඕනෑම දෙයක්. එක ගිනුමකට ගිග් 20ක් හදන්න පුලුවන්නේ. ගිනුමුත් ඕනෑතරම් හදන්න පුලුවන්. හිත හිත ඉන්න එපා.
එහෙනම් Fiverr Tabs වලින් Start Selling තෝරන්න
1. Gig Title එක

ඔයා කරල දෙන්නෙ මොකක්ද කියල කෙලින්ම කියන්නෙ Title එකෙන්.ඒක නිසා Title එක මීට කලින් කවුරුවත් දාලා නැති ඕන කෙනෙකුට කියවන්න හිතෙන විදියට දාන්න.
Title එක යොදනකොට ඔයාල කරන දේ කැපිටල් වලින් ලියන්න.ඵක ඔයාගෙ ගිග් ඵක සර්චි රිසල්ට් ඵකේ උඩට යන්න ගොඩක් බලපානව.ඵ් වගේම තමා Title එක වෙනස් ඵකක් වෙන්න ඕන ඵ් කියන්නේ ක්‍රෙය්ටිව්.ඒ වගේම ඉතා ඉක්මනින් වැඩේ කරල දෙනව නම් ඒ Time period එකත් Title එකට ඇතුල් කරන්න.
උදාහරණ: I will give you 1000 real TWITTER followers in 48hrs for $5
2. Category
Gift Ideas
Fun & Bizarre
Graphics
Video
Social Marketing
Travel
Writing
Postcards
Advertising
Music & Audio
Tips & Advice
Business
Technology
Programming
Other
මේකෙදි ඔයාල කරන්න යන වැඩේට අදාල කන්ඩය තෝරන්න.ඉහත උදාහරනයට අනුවනම් “Online Marketing >> Social Marketing” තමා ගැලපෙන්නේ.ඵ් වගේ ඔයාලත් අදාල කැටගරි ඵක තෝර ගන්න
3.Gig Gallery

Gig එකක Gallery එකට අපි හදාගත්ත High Quality Images තුනක් දාගමු.. මුලින්ම දාන image එක අපි දෙන serivce එකට අදාලව Fiverr ගැනත් සඳහන් වෙන්න ඕනෙ..මොකද එතකොට Gig එක Search result එකෙන් උඩට ගන්න හරිම ලේසියි.උදාහරණයක් විදියට මෙන්න මේ වගේ

(හැබැයි මේකම බාගෙන දැම්මට ORDERS ගන්න බැහැ හොඳේ ..!)
ඉතුරු දෙකට ඔයාගේ Work Samples දෙකක් දැම්මත් කමක් නෑ..
682*459 කියන size එකේ High quality Images තුනක්ම දාන්න කියල මම ආයෙත් කියනවා.
4. Description එක

අලුත් Fiverr V2 එකේ තියෙනවා Description එක ලස්සනට ලියන්න පුළුවන් tools ටිකක්.මේවා දීල තියෙන්න Gig එකේ Quality එක වැඩි කරගන්න.ඒ නිසා මතක ඇතුව ඔයාම ලියන Description එක ටිකක් ලස්සනට පැහැදිලිව ලියන්න.ඔයා ගැන පොඩි බටර් පාරක් ගාල ඔයා කරන්නේ මොකක්ද කියල දාන්න."කාර්යය කිරීමට ඔබට තියෙන සුදුසුකම්,මෙම කාර්යයෙහි තිබෙන වැදගත්කම,අවශ්‍ය,කාල පරාසය,Buyer ගෙන් මොනවාද මේ සදහා අවශ්‍ය" කියන කරුනු මේ සදහා ඇතුලත් කරන්නත් ඕනෑ.අන්තිමේදි ෆිවර් ඵකට පොඩි බටර් පාරක් ගාන්න "Get good service only fiverr"
උදාහරණ:
"As a Social Media Marketing Expert I know what I am doing, and I will give you 1000+ Twitter followers in 48hrs. I will have to follow this targeted twitter users, and will require your password. Check my feedback"
"Get good service only fiverr"
5.Tags (Keywords)

Tags වලින් තමයි ඔයාගෙ Gig එක ප්‍රධානවම search එකක පෙන්වන්නෙ. V2 එකේ දාන්න පුළුවන් උපරිම tags 5යි.ඔයා කරන දේට අදාල ටැග්ස් දාන්න .ඔයා හිතන්න ඔයා බයර් කියල ඔයා ඔය දේ කරගන්න ඕන උනාහම ෆයිවර් ඵකේ සර්ච් කරන්නේ මොකක් ගහලද? අන්න ඵ් ගහන ටික දාන්න ටැග්ස් වලට.
ඉහත උදාහරණයට අනුව:twitter,real, followers, social, marketing
6. Duration

මේකෙදි කියන්නෙ ඔයාල මේක දින කියක් ඇතුලත කම්ප්ලීට් කරනවද කියන ඵක ගැන මුල් දවස් වල දාන්න පුලුවන් අඩුම දින ගාන දාන්න මොකද ඕනම කෙනෙක් කැමති ටක්ගාල වැඩේ කරගන්න නේ ඵක නිසා දවස් 1 හෝ 2ක් දාන්න.
7. Instructions To Buyer

ඔයාලට Buyerගෙන් ගන්න ඕන දේවල්
ලියන්න. උදාහරණයක් විදියට මම Twitter Followers අරන් දෙන නිසා මට Buyrගෙ එක
Username,Password දැනගන්න අවශ්‍යයි.ඒක නිසා මම ඒවා Instructions වල දානව.දැන් ඵ්කත්හරි නේ.
උදාහරණ:
"I need your username and password"
ඔන්න ඔය ටික ලස්සනට කළානම් දැන් Save & Continue දෙන්න .... ඊට කලින් ආයෙ බලන්න ඔයා උපරිමයෙන්ම Gig එක හැදුවද කියලා.

Save & Continue කළාට පස්සෙ මෙහෙම Screen එකක් ඒවි.දැන් තමයි සිරාම වැඩේ තියෙන්නෙ.
8. Vedio එකක් හදලා upload කරන්න

ඔයාල කරන දේට අදාල Super වීඩියෝ ඵකක් යොදන්න.හැබැයි ඔයාම හදපු ඵකක් දාන්න.ඒක ඔයාගෙ Gig එක වෙනම search වෙන්නත් බලපානවා.අපි වීඩියෝව හදන්න ඕන ෆට්ටම විදියට ඔය ඉස්සර කලා වගේ ඉමෙජ් ගොඩාක් ප්ලේ කරලා වැඩක් නෑ . හොද ඉෆෙක්ට් ටිකක් එක්ක හොද වීඩියෝවක් හදන්න.ටයිම් එක තත්පර 40ක විතර වීඩියෝ එකක් දමන්න නැත්තන් ෆේල් කරනවා. තවම Video එකක් හදාගත්තෙ නැත්නම් skip දීල දාන්න.
Gig Extras දැමීම පස්සෙ කරගමු.ඒක දැන්ම අවශ්‍ය නෑ
Skip දීල ඉස්සරහට යන්න.
ඊට පස්සෙ එන window එකෙන් No Thanks දෙන්න
අවසානෙට Publish Gig දීල ඊට පස්සෙ Finish කරන්න

හොඳයි ඔන්න ඔය විදියට තමයි Fiverr එකේ සුපිරියට Gig එකක් හදාගන්නෙ.
සැලකිය යුතුයි: ඔබ සෑදු Gig එකට Orders ලැබීමට නම් එය Search List එකක උඩට ආ යුතුය.Search List එකක උඩට ඒමට නම් ඔබේ Gig එක ඔබ උපරිමයෙන් කළ බව Fiverr team එකට පෙන්විය යුතුය.ඒ සඳහා Gig Video භාවිත කිරීම වඩාත් සුදුසුය.
ඊළඟ ලිපියෙන් හමුවෙමු !
Programming kiyana category eka nagala yanne naththe un kiyana widiye program $5 ta gahana eka patta paadu nisa :D
ReplyDeleteඑල මචෝ....
ReplyDelete(Vedio - video ලෙස නිවැරදි විය යුතුයි )
good post.
ReplyDeletemata danaganna puluwanda api kohomada thawath kenekuta twitter followers, facebook likes wage dewal aragena denne kiyala
machan like 4 like, add me fast wage site thynw, like followersla share karagn puluwan.ewa walin thamai social marketing karanne.
DeleteNiyamai machaan api ubath ekka thawa liyanna.Jaya wewa !
ReplyDeletekiyanna puluwanda kohomada hadana 4to 682*459 High quality Images kara ganne kiyala.
ReplyDeleteTHANKS FRIENDS !!!
Deletemehema msg ekak enawane ai
ReplyDeleteTags contains excessive use of the terms: logo
Oya tags walata logo kiyala thina ew dekak dana epa..
DeleteGig akak hadanna therenne ne yaluwa kiyala denna puluwanda
ReplyDelete