Dollar To Lanka

අන්තර්ජාලය තුළින් විධිමත්ව හා නිවැරදව මුදල් උපයා ගනිමු.---මුල සිට සරලව--

Thursday, January 24, 2013

Fiverr කියන්නෙ මොක්කද?




Fiverr කියල කියන්නෙ ඉතා පුළුල් වෙළඳපලක් කිව්වත් වැරදි නැහැ.මොකද මේකෙදි විකුණුම්කරුවන් සහ ගැණුම්කරුවන් සම්බන්ධ කිරීමක් තමයි කෙරෙන්නෙ.දැන් ඔයාල හිතන්න පුළුවන් මොන විකණීමක්ද කියලා.ඒ හැමදෙයක්ම මේක කියෙව්වට පස්සෙ තේරේවි.මුලින්ම කියන්න ඕනෙ පොඩ්ඩක් උනන්දු වෙනව නම් ඕන පොඩි එකෙකුට කරන්න පුළුවන් වැඩක් තමයි මේක !!!


Fiverr මගින් මුදල් හොයන්නේ කොහොමද?



Gig එකක් කියන්නේ $5ක් වටිනා එක කොටසකට. මෙහිදී අපිට විකුනන්න පුලුවන් $5 ඒවා විතරයි. ඒකෙන් $1ක් එම වෙබ් අඩවිය ගන්නවා. $4ක් අපට ගෙවනවා. withdraw කරද්දී 2% ක් කැපෙනවා. මේ හැරුනාම වෙන කිසිම ගාස්තුවක් අය වන්නේ නෑ.


Fiverr සදහා පොදු නීති


[$] ඔබ Gig එකේ සදහන් කරන්නවු කාලය තුල අවසන් ප්‍රතිඵලය Deliver කල යුතුයි.


[$] එතනින් පසු Gig එක මිලදීගත් පුද්ගලයා එය ඔහු බලාපොරොත්තු වන දේ බව සදහන් කර, Order Complete කල යුතුයි.


[$] Reject කලහොත් ඔහු බලපොරොත්තු වන පරිදි එය සම්පූර්ණ කර දිය යුතුයි.


[$] මුදල් ගිනුමට ලැබුනු පසු දින 14ක කාලයක් fiverr හි තැන්පත් කර තැබිය යුතුයි (Safety Clearance Period). එතනින් පසු ඔබට මුදල් withdraw කල හැකියි.


[$] ගිනුම් කිහිපයක් වුවද සෑදිය හැකියි, එම ගිනුම් සියල්ලෙන්ම එකම පේපැල් ගිනුමට මුදල් ලබාගත හැකියි.(2013 ට විශේෂ ක්‍රමයක් භාවිතා කර)


දක්ෂ වෙලෙන්දෙක් වීමට මොනවද ඕනේ?


[+] English නම් ඕනේමයි, ලියන්න, කියන්න, තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනේ.


[+] PhotoShop, illustrator, Flash, MS Office, Music Composing , Video Editing , Programming වගේ මොනවාහරි ක්ෂේත්‍රයක දක්ශයෙක් වෙන්න ඕනේ.


[+] ඔය එකක්වත් බැරිනම් විකටයෙක්වත් වෙන්න ඕනේ, ඒකත් බැරිනම් රට කපටියෙක් වෙන්න ඕනේ.





ඔයාට Web Design,Graphic Design,Social Marketing,Software Engineering වගේ දේවල් පුළුවන් ඇති.එහෙමත් නැත්නම් Computer එකෙන් මොනවම හරි වැඩක් ඇති දෙයක් කරන්න පුළුවන් ඇතිනෙ.බැරි උනත් අවුලක් නැහැ.කොහොම හරි......ඒ පුළුවන් වැඩේ ගැන තොරතුරු ටිකක් එක්ක දැන්වීමක් දානවා.ඒකට කියන්නෙ Gig එකක් දානවා කියල.එතකොට ඕක දකින කෙනා මට ඒක කරල දෙන්න කියල අපිට Order කරනවා.ඉට පස්සෙ අපි එයාට ඒ වැඩේ කරල දෙනවා.ඔන්න ඕක තමයි Fiverr වල වෙන මූලිකම දේ.ඔය වැඩේට අපිට $4ක් ලැබෙනවා.$1ක් Fiverr කපාගන්නවානෙ.ඒ කියන්නෙ අපිට දෙන්නෙ $4යි.ඒත් මොකෝ...රු.500 ක් විතර තියෙනවා..නේද?


තමන් මහන්සි වෙලා හෝ නොවී සාධාරණව මුදල් උපයනවා.ඉතින් කාටවත් කියන්න පුළුවන්ද මේක නීති විරෝදී කියලා.අනික පිට රටවල සුද්දො හරිම කම්මැලි ජාතියක්.ඒවුනාට උන්ට අත පිහදාන තරමටම සල්ලි තියෙනවා.ඒක නිසා උන්ට මානව හරි පොඩි වැඩක් කරවගන්න උවමනාව තිබ්බත් කාටහරි සල්ලි ටිකක් දීල ඒ වැඩේ කරවගන්නවා.ඔය නිසා තමයි Fiverr වලට පැවැත්මක් තියෙන්නෙ.ඔයා නිකමට Fiverr Home Page එකට ගිහින් බලන්න.මිනිස්සු දාල තියෙන්නෙ මොනවගේ Gig ද කියලා.දැක්කම හිනාත්යනවා.තමන්ගෙ මූණ කාටූන් එකක් කරල පෙන්නනවටත් මුන් $5 ක් ගෙවනවා.ඉතින් පොඩ්ඩක් හිතන්නකො....අපි මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් කරල දුන්නොත් කොච්චරක් මිනිස්සු අපට Orders දෙයිද?...ඒ කියන්නෙ $4 වා කීයක්ද?අපිට දවසකට Orders තුනක් ආවත් මොකද?


ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නෙ Fiverr කියන්නෙ ODesk වගේ සයිට් එකක් කියලා.නමුත් Fiverr ODesk වලට වැඩිය ගොඩක් වෙනස්.ඒ වගේම Fiverr තුළින් මුදල් ඉපයීම ඉතා සරලයි.ODesk වල නම් Exam කරන්නයි....Profile  Complete කරන්නයි වැඩ ගොඩයි...නමුත් ODesk වලින් ඉතා විශාල වශයෙන් මුදල් සොයන්න පුළුවන්.ටිකක් මහන්සි වෙන කෙනෙකුට නම් ODesk කියන්නෙ සල්ලි උල්පතක්...ඇති ඇති..මම ම් ලිපිය ලියන්නෙ ODesk ගැන නෙමෙයිනෙ.ODeskගැනත් ඉදරියෙදි ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා.


Fiverr ගැන පොඩ්ඩක් අඳුන ගන්නත් එක්ක පහළ images ටික බලමු.


උඩ පින්තූරයෙ තියන්නෙ Fiverr Home Page එක.ඔයාලට පේනව ඇති එක එක යූයර්ලා දාලා තියෙන Gigs.අපිට කරන්න පුළුවන් දේ ගැන දාන දැන්වීමත්(Gig එකත්)වැටෙන්නෙ ඔය විදියට තමයි.



   1-අපේ Fiverr account එකට ආපු විශේෂ notifications
   2-Fiverr account එකට අලුත් Gig එකක් Add කිරීම
   3-Fiverr account එකේ දැනට ඇති මුදල
   4-Fiverr account එකේ Rate එක(වැඩ කිරීමෙහි ගුණාත්මකභාවය)


හරි....ඕක තමයි මන් දන්න තරමින් ඔයාලට දෙන්න පුළුවන් හඳුන්වාදීම.Fiverr Account එකක් හදලා ඒකෙ වැඩ කරල ඩොලර් හොයාගන්න හැටිත්.....හොයාගත්ත ඩොලර් රුපියල් කරල අතට ගන්න හැටිත් කියල දෙන්නම් ඊළඟ ලිපි වලින්....අවුලක් තියෙනවා නම් කමෙන්ට් කරන්න....


ඔබට ජය !



අවශ්‍ය තැන් උපුටා ගැනීම iPlus Blog



12 comments:

  1. aiyo aiye ikmanata anith post eka danna mama fiverr account ekak hadala gig demma eth order ne moko danne ne seen eka

    ReplyDelete
    Replies
    1. Fiverr Orders නැති එකනම් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි.Orders ඉක්මනට ගන්න පුළවන් ක්‍රම තියෙනවා.ඒ හැම දෙයක්ම ලියනවා.මට පොඩි වෙලාක් දෙන්නකො.මදි නොකියන්න orders ගන්න හැටි ලියන්නම්.

      Delete
  2. mekedi apita aththikaram mudalak denawada?? api kohoma wade karath un eka bara gannawada??

    ReplyDelete
    Replies
    1. අපි පොරොන්දුවෙන විදියට වැඩේ කරොත් එයාල මදල් ගෙවනවා ෂුවර්....

      Delete
  3. වැඩේ නම් නියමයි. දිගටම කරගෙන යන්න සුබ පතනවා

    ReplyDelete
  4. ප්‍රශ්නයක් තියෙනවා. අපි account එක හදන්න ඕනේ srilankan විදියටද වෙන රටක විදියටද?

    ReplyDelete
  5. ලංකාවෙ විදියට හැදුවත් අවුලක් නැහැ...නමුත් ලංකාවෙ acc වලට වඩා USA acc වලට orders එනවා වැඩියි....

    ReplyDelete
    Replies
    1. ithin apita puluvnda usa vidihata acc ekk hdanna....

      Delete
  6. meke ads balala salli hoyanna berida?puluwn nam mata kiyala denewada?

    ReplyDelete
  7. mama dapu gig eka mata pennanne ne. y that? a wagema mage account eka activate karala. eka khmda active karaganne? first you need activate kiyala wetenawa. pls reply me

    ReplyDelete
  8. මේකෙ අපිට ලබෙන මුදල් පේපෑල් එකට විටරද ගන්න පුලුවන්?

    ReplyDelete
  9. බොහොම ස්තූතියි!

    ReplyDelete

ඔබට යම් ප්‍රශ්නයක් ඇති වුණානම් හෝ උදව්වක් අවශ්‍යනම් කමෙන්ට් කරන්න.පැය 48ක් ඇතුලත කමෙන්ට් එකට Reply ලැබේවි.