Dollar To Lanka

අන්තර්ජාලය තුළින් විධිමත්ව හා නිවැරදව මුදල් උපයා ගනිමු.---මුල සිට සරලව--

Thursday, April 17, 2014

හොයපු ගාන අතට ගනිමු --- 4 කොටස



හොදයි යාලුවනේ මේ ලිපියෙන් මම කියල දෙන්නේ ඔයාල Fiverr වලදී අමාරුවෙන් orders කරලා එකතු කරගත්ත සල්ලි අපේ අතට ගන්නේ කොහොමද කියන එක ගැන.ඉස්සර නම් Fiverr වල සල්ලි අතට ගන්න පුළුවන් උනේ Paypal කියන Online Bank එක හරහා විතරයි.නමුත් Fiverr එකෙන් පසුව හදුන්වා දීපු දෙයක් තමයි Fiverr Revenue Card කියන එක.ඇත්තටම මේක ඇවිල්ල Master Debit Card එකක්.Payoneer කියන සමාගමෙන් දෙන පහසුකමක් තමයි මේක ... Fiverr ල Payoneer ලත් එක්ක එකතු වෙලා තමයි Payoneer Master Card එක Fiverr Revenue Card එකක් විදියට අපිට ලබා දෙන්නේ.

හරි අපි බලමු මේක පියවරෙන් පියවර කරගන්නේ කොහොමද කියල.


Fiverr Account එකට login වෙලා Manage Sales යටතේ Revenue කියල තියෙන page එකට යන්න.


දැන් ඔයාට දැක ගන්න පුළුවන් ඔයාට ලැබුණු අදායම් ගැන තියෙන තොරතුරු හැම එකක්ම.ඔය order එකක් complete කළාට පස්සේ ලැබෙන $4 එවෙලේම Available balance එකට වැටෙන්නේ නැහැ.දවස් 14 ක් යනකම් බලන් ඉන්න වෙනවා.දවස් 14 ට පස්සේ ඒ මුදල ඔයාගේ balance එකට වැටෙනවා.


Revenue කියන page එකේ මුදල් තොරතුරු වලට යටින් Fiverr Revenue Card කියල button එකක් තියෙනවා


ඒක click කළාම මේ වගේ පිටුවක් එනවා

මේකේ තියෙන APPLY NOW බොත්තම ඔබන්න
ඊටපස්සේ මෙන්න මේ වගේ page එකක් එනවා.


මේ පිටුවේ තියෙන හැම තොරතුරක්ම ඔයාගේ ඇත්ත විස්තර දාල පුරවන්න.මොකද ඔය දැන් දෙන විස්තර වලට අනුව මේ Fiverr Revenue Card එක ඔයාගේ ගෙදරටම එනවා.(තැපෑලෙන්)

සති 2 විතර යද්දී ඔය කාඩ් එක ඔය දාපු ලිපිනෙට එනවා.ඊට පස්සේ ඔයාට පුළුවන් ඔය කාර්ඩ් එක ATM එකකට දාල Fiverr Account එකේ තියෙන සල්ලි ටික අතට ගන්න.

හොදයි එහෙනම් ඔයාල දැන් දන්නවනේ Fiverr Account එකේ තියෙන සල්ලි ටික ලේසියෙන්ම අතටගන්න.ඔය ක්‍රමේ කිසිම ප්‍රශ්නයක්,අපහසුවක් නැහැ.මොකද ඕක තමයි ලේසිම ක්‍රමය.ඔයාලට මේ සම්බන්ධව කුමක් හෝ ගැටලුවක් තියෙනවා නම් අහන්න.දැන් අහන ඕනේ දෙකට පිළිතුරු දෙන්න පුළුවන්.


හොදයි යාලුවනේ ... දැන් ඔයාල Fiverr සම්බන්ධව දේවල් දන්නවා.ඔයාලට දිගටම වැඩ කරගෙන යන්න පුළුවන් වෙයි ... ගොඩක් දුරට දැන් සම්බන්ධ ලිපි ලියලා ඉවරයි... අලුත් දෙයක් තියෙනවා නම් ලියන්නම්.ඔයාලට දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් කොමෙන්ට් කරන්න ... අයෙත් සම්බන්ධ ලිපියක් ලියන්නම්.


මම ඊළගට තවත් ක්‍රමයක් ගැන ලියන්න තමයි හිතාගෙන ඉන්නේ.ඉක්මනටම ඒ ගැනත් ලියන්නම්.එහෙනම් ඔයාලට ජයම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

Wednesday, April 17, 2013

Fiverr Orders නැතිනම් මේවා කරල බලන්න --- 3 කොටස



ගොඩ දෙනෙක් Fiverr Orders එන්නෙ නැතුව බලන් ඉන්න නිසා මේ ලිපිය ලියන්න හිතුවා.ඔයාල දන්නව ඇති Fiverr වල අලුත්ම Update එකත් දැන් හැම User කෙනෙකුටම දීල තියෙනවා.ඉතින් අපිට දැන් පුළුවන් අපි හදන Gig එක ගොඩක් Quality Creative විදියට හදන්න.මම කලින් ලිපියෙදි ඔයාට කියල දුන්න Fiverr වල Gig එකක් දාන විදිය.ඒ ලිපිය කියවල හොඳ Idea එකක් අරන් නියම Quality එකට හොඳ Gig එකක් දාන්න ඇතියි කියල හිතනවා.

ගිය දවස් ටිකේ Fiverr වලින් කිසිම Order එකක් ආවේ නැහැ කියල ගොඩක් කට්ටිය කියනවා...ඔව් ඒක එහෙම වෙන්න පුළුවන්,හේතුව මේකයි.Fiverr Team එකේ කට්ටිය ගිය දවස් ටිකේ Gigs category auto list වලට දැම්මෙ review කරලා.ඒ කියන්නෙ auto නෙවෙයි.එයාලට හොඳයි කියල හිතුන ඒවා දැම්මා.නමුත් දැන් V2 Update එක දීල ඉවරයි.දැන් Fiverr System එක නැවතත් යතාතත්වයට පත්වෙමින් තියෙනවා.ඒ නිසා ඔයාගෙ Gig එකටත් List එකක හොඳ Position එකක් ගන්න දැන් අවස්ථාව තියෙනවා.හැබැයි තව දෙයක් තියෙනවා.දැන් Fiverr එකේ දාන Gigs Category List එකක උඩට එන්නෙ Gig එකේ තියෙන quality එක නිසා.ඒ හින්දා ඔයාට ඔයාගෙ gig එක List එකක උඩට ගන්න ඕනෙ නම් කලින් ලිපියෙ කියල තියෙන වැඩ ටික ඒ විදියටම කරන්න ඕනේ.

හරි එහෙනම්.. ඔය කියපු දේට අමතරව Orders වැඩි කරගන්න තව දෙයක් කියල දෙන්නම්.ඔයාට පුළුවන් නම් ඔයාගෙ Gig එක Fiverr වලින් පිටත ප්‍රසිද්ධ කරන්න Orders අඛණ්ඩව ගන්න පුළුවන්.

මේකයි කරන්න තියෙන්නෙ ... හොඳ ලස්සන වෙබ්සයිට් එකක් හදා ගන්න,Social වෙබ් එකක් නම් ගොඩක් හොඳයි... ඒ වගේම සයිට් එකට ගොඩක් ලොකු ප්‍රසිද්ධියක් (traffic) එකක් ගන්නත් ඕනෙ...ඒ විදියට හදා ගත්ත සයිට් එකට ඔයාගෙ Gig එකේ විස්තර ටික ලියල Fiverr ලින්ක් එකෙන් සම්බන්ධ කරන්න. හැබැයි ඉතින් මේක ටිකක් අමාරු වැඩක්.මොකද ඒ තරමෙ traffic එකක් ගන්න ටිකක් අමාරුයි.ඒත් ඉතින් කරගන්න කෙනෙකුට නම් Orders ගන්න මේ තරම් හොඳ ක්‍රමයක් නැහැ.

තව දෙයක් කියන්නම්. ඔයාගෙ නමින් හෝ Fiverr User නමින් Twitter Account එකක් හදාගන්න.Account එක සුපිරියට Edit කරගන්න Picture එකක් එහෙම දාලා.Google එකෙන් High Quality Logo Sample ටිකක් බාගෙන ඔයාගෙ Watermark එකක් දාලා Twitter Upload කරන්න.ඊට පස්සෙ Addmefast,Like4like වගේ සයිට් එකකින් Twitter Account එකට Followers 1000 ක් වගේ ගන්න.අන්තිමට ඔයාගෙ Gig එකේ විස්තර ටික ලියල Fiverr ලින්ක් එකත් දාලා Upload කරපු Sample ටිකත් පෙන්නල Tweet එකක් දාන්න.ඕක දවස් තුන හතරක් එක දිගට කලාම අඩුම තරමෙ Orders තුන හතරක්වත් ඒවි ...

ඔය වැඩේම ඔයාට facebook වලටත් කරන්න පුළුවන්. Account එක Work Sample ටිකකුත් එක්ක ලස්සනට හදාගෙන membersල ගොඩක් ඉන්න Facebook Group වලට Join වෙන්න.ඒවැයි Gig link එක share කරන්න.අනිවා Orders එනවා.

ඉතින් මේ හැමදේටම බලපාන්නෙ අපි හදන Gig එකේ Quality එක තමා.නැවතත් කියන්නෙ කලින් ලිපියෙ විදියට Gig එක ලස්සනට හදල දාන්න. Category List එකක උඩට ආවොත් Orders පෝළිමේ එනවා.දවස් තුන හතරක් ඇතුළත List එකේ උඩට ආවෙ නැත්නම් ආපහු හොඳ Gig එකක් හදන්න.මොකද ගොඩක් වෙලාවට අලුත් Gig, List එකක උඩට එනවා.වැඩේ හරියනකම් ඕකම කරන්න.Gig 20 ක් දාන්න පුළුවන්නෙ.හැබැයි Gig එකකට එකක් වෙනස් විදියට හදන්න ඕනෙ.නැත්නම් ඔක්කොම Denied වෙයි.


හරි ඔය වැඩ ටික කරාට පස්සෙ ඔයාට අනිවා Orders ඒවි.එහෙනම් තව ලිපියකින් ඉදිරියෙදි හමුවෙමු!


ඔබට ජය!



Friday, February 22, 2013

උණු උණු Gig එකක් හදමු ---2 කොටස

කලින් දාපු ලිපයෙ විදියට Fiverr account එකක් හදා ගන්න ඇතිනේ.එහෙනම් මේ ලිපියෙන් නියම Gig එකක් දාන හැටි බලමු.ඊට කලින් ඔයාල දැනගන්න එපැයි මොනවද Gig එකට දාන්නෙ කියල..මෙන්න මේ වගේ දේවල් ටිකක්...(දැන් ඔයා Fiverr වල වැඩ කරන්නෙ Seller කෙනෙක් විදියට...ඒ කියන්නෙ ඔයා තමයි වෙළෙන්ඳා.)

  • තමාගේ විශේෂ දක්ශතා තියෙනවානම් ඒවා විකුනන්න පුලුවන්, සින්දු කියන්න, සංගීත භාන්ඩ වාදනය, ‍රැප් කිරීම, ලිවීම වගේ දේවල්.
  • Graphic Designing වැඩ.

  • Social Marketing (Facebook Likes 500ක්,  Twitter Follower 500 ක්, LinkedIn Connectors, Google + friends)

  • Programming  වැඩ .

  • Net එකෙන්ම හොයාගත්ත eBooks, Video lessons, Learning Essentials.

  • ඒ වගේම තමන්ට හොඳයි කියල හිතෙන ඕනෑම දෙයක්. එක ගිනුමකට ගිග් 20ක් හදන්න පුලුවන්නේ. ගිනුමුත් ඕනෑතරම් හදන්න පුලුවන්. හිත හිත ඉන්න එපා.
එහෙනම් Fiverr Tabs වලින් Start Selling තෝරන්න

1. Gig Title එක

 

   ඔයා කරල දෙන්නෙ මොකක්ද කියල කෙලින්ම කියන්නෙ Title එකෙන්.ඒක නිසා Title එක මීට කලින් කවුරුවත් දාලා නැති ඕන කෙනෙකුට කියවන්න හිතෙන විදියට දාන්න.

Title එක  යොදනකොට ඔයාල කරන දේ කැපිටල් වලින් ලියන්න.ඵක ඔයාගෙ ගිග් ඵක සර්චි රිසල්ට් ඵකේ උඩට යන්න ගොඩක් බලපානව.ඵ් වගේම තමා Title එක වෙනස් ඵකක් වෙන්න ඕන ඵ් කියන්නේ ක්‍රෙය්ටිව්.ඒ වගේම ඉතා ඉක්මනින් වැඩේ කරල දෙනව නම් ඒ Time period එකත් Title එකට ඇතුල් කරන්න.

උදාහරණ: I will give you 1000 real TWITTER followers in 48hrs for $5


2. Category

Gift Ideas
Fun & Bizarre
Graphics
Video
Social Marketing
Travel
Writing
Postcards
Advertising
Music & Audio
Tips & Advice
Business
Technology
Programming
Other

    මේකෙදි ඔයාල කරන්න යන වැඩේට අදාල කන්ඩය තෝරන්න.ඉහත උදාහරනයට අනුවනම් “Online Marketing >> Social Marketing” තමා ගැලපෙන්නේ.ඵ් වගේ ඔයාලත් අදාල කැටගරි ඵක තෝර ගන්න

 

3.Gig Gallery

Gig එකක Gallery එකට අපි හදාගත්ත High Quality Images තුනක් දාගමු.. මුලින්ම දාන image එක අපි දෙන serivce එකට අදාලව Fiverr ගැනත් සඳහන් වෙන්න ඕනෙ..මොකද එතකොට Gig එක Search result එකෙන් උඩට ගන්න හරිම ලේසියි.උදාහරණයක් විදියට මෙන්න මේ වගේ



                      (හැබැයි මේකම බාගෙන දැම්මට ORDERS ගන්න බැහැ හොඳේ ..!)


ඉතුරු දෙකට ඔයාගේ Work Samples දෙකක් දැම්මත් කමක් නෑ..

682*459 කියන size එකේ High quality Images තුනක්ම දාන්න කියල මම ආයෙත් කියනවා.

4. Description එක


  අලුත් Fiverr V2 එකේ තියෙනවා Description එක ලස්සනට ලියන්න පුළුවන් tools ටිකක්.මේවා දීල තියෙන්න Gig එකේ Quality එක වැඩි කරගන්න.ඒ නිසා මතක ඇතුව ඔයාම ලියන Description එක ටිකක් ලස්සනට පැහැදිලිව ලියන්න.ඔයා ගැන පොඩි බටර් පාරක් ගාල ඔයා කරන්නේ මොකක්ද කියල දාන්න."කාර්යය කිරීමට ඔබට තියෙන සුදුසුකම්,මෙම කාර්යයෙහි තිබෙන වැදගත්කම,අවශ්‍ය,කාල පරාසය,Buyer ගෙන් මොනවාද මේ සදහා අවශ්‍ය" කියන කරුනු මේ සදහා ඇතුලත් කරන්නත් ඕනෑ.අන්තිමේදි ෆිවර් ඵකට පොඩි බටර් පාරක් ගාන්න "Get good service only fiverr"

උදාහරණ: 
"As a Social Media Marketing Expert I know what I am doing, and I will give you 1000+ Twitter followers in 48hrs. I will have to follow this targeted twitter users, and will require your password. Check my feedback"

"Get good service only fiverr"

 

5.Tags (Keywords)

Tags වලින් තමයි ඔයාගෙ Gig එක ප්‍රධානවම search එකක පෙන්වන්නෙ. V2 එකේ දාන්න පුළුවන් උපරිම tags 5යි.ඔයා කරන දේට අදාල ටැග්ස් දාන්න .ඔයා හිතන්න ඔයා බයර් කියල ඔයා ඔය දේ කරගන්න ඕන උනාහම ෆයිවර් ඵකේ සර්ච් කරන්නේ මොකක් ගහලද? අන්න ඵ් ගහන ටික දාන්න ටැග්ස් වලට.

ඉහත උදාහරණයට අනුව:twitter,real, followers, social, marketing


6. Duration

  මේකෙදි කියන්නෙ ඔයාල මේක දින කියක් ඇතුලත කම්ප්ලීට් කරනවද කියන ඵක ගැන මුල් දවස් වල දාන්න පුලුවන් අඩුම දින ගාන දාන්න මොකද ඕනම කෙනෙක් කැමති ටක්ගාල වැඩේ කරගන්න නේ ඵක නිසා දවස් 1 හෝ 2ක් දාන්න.

 

7. Instructions To Buyer

ඔයාලට Buyerගෙන් ගන්න ඕන දේවල් ලියන්න. උදාහරණයක් විදියට මම Twitter Followers අරන් දෙන නිසා මට Buyrගෙ එක Username,Password දැනගන්න අවශ්‍යයි.ඒක නිසා මම ඒවා Instructions වල දානව.දැන් ඵ්කත්හරි නේ.

උදාහරණ:
"I need your username and password"

 

ඔන්න ඔය ටික ලස්සනට කළානම් දැන් Save & Continue දෙන්න .... ඊට කලින් ආයෙ බලන්න ඔයා උපරිමයෙන්ම Gig එක හැදුවද කියලා.

Save & Continue කළාට පස්සෙ මෙහෙම Screen එකක් ඒවි.දැන් තමයි සිරාම වැඩේ තියෙන්නෙ.

8. Vedio එකක් හදලා upload කරන්න


ඔයාල කරන දේට අදාල Super වීඩියෝ ඵකක් යොදන්න.හැබැයි ඔයාම හදපු ඵකක් දාන්න.ඒක ඔයාගෙ Gig එක වෙනම search  වෙන්නත් බලපානවා.අපි වීඩියෝව හදන්න ඕන ෆට්ටම විදියට ඔය ඉස්සර කලා වගේ ඉමෙජ් ගොඩාක් ප්ලේ කරලා වැඩක් නෑ . හොද ඉෆෙක්ට් ටිකක් එක්ක හොද වීඩියෝවක් හදන්න.ටයිම් එක තත්පර 40ක විතර වීඩියෝ එකක් දමන්න නැත්තන් ෆේල් කරනවා. තවම Video එකක් හදාගත්තෙ නැත්නම් skip දීල දාන්න.

 Gig Extras දැමීම පස්සෙ කරගමු.ඒක දැන්ම අවශ්‍ය නෑ

Skip දීල ඉස්සරහට යන්න.

ඊට පස්සෙ එන window එකෙන් No Thanks දෙන්න


අවසානෙට Publish Gig දීල ඊට පස්සෙ Finish කරන්න

හොඳයි ඔන්න ඔය විදියට තමයි Fiverr එකේ සුපිරියට Gig එකක් හදාගන්නෙ.

සැලකිය යුතුයි: ඔබ සෑදු Gig එකට Orders ලැබීමට නම් එය Search List එකක උඩට ආ යුතුය.Search List එකක උඩට ඒමට නම් ඔබේ Gig එක ඔබ උපරිමයෙන් කළ බව Fiverr team එකට පෙන්විය යුතුය.ඒ සඳහා Gig Video භාවිත කිරීම වඩාත් සුදුසුය.


ඊළඟ ලිපියෙන් හමුවෙමු !






Saturday, February 2, 2013

Fiverr Account එකක් හදාගමු --- 1 කොටස


Fiverr කියන්නෙ මොකක්ද කියල කලින් ලිපියෙන් ඔයාල දැන ගන්න ඇතිනෙ.හරි...එහෙනම් අපි මේ ලිපියෙන් බලමු නිවැරදිව Fiverr Account එකක් හදාගන්නෙ කොහොමද කියලා...මහ ලොකු දෙයක් නම් කරන්න නැහැ.හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.සයිට් එකකට Register වෙනකොට අපි මොන රටේ කෙනෙක්ද කියලා හැමදාටම ඒ සයිට් එක මතක තියාගන්නවා.ඒ වුණාට Fiverr එහෙම හැමදාටම මතක තියාගන්නෙ නැහැ.අපි Register වෙන වෙලාවෙදි විතරයි ඒක බලන්නෙ...අපි මේ Fiverr Account එක හදාගන්න ඕනෙ ඇමරිකාවෙ කෙනෙක් විදියට.ලංකාවෙ විදියට හැදුවත් අවුලක් නැහැ.ඒ වුණත් ලංකාවෙ හෙංචයියලට වැඩිය ඇමරිකාවෙ උන්දැලට Orders එනවා.ඒක නිසා ටිකකට ඇමරිකාවට යන්න වෙනවා.හරි..එහෙනම් පියවරෙන් පියවර බලමු.


  • අපි IP එක USA විදියට වෙනස් කරගන්න ඕනෙ.ඒකට මේ සොෆ්ට් කෑල්ල බාගෙන install කරගන්න.---Dowload Software---
  • (ඒකෙන් IP එක Hide කරගන්න.අවුලක් තියෙනව නම් කමෙන්ට් කරන්න.)එහෙනම් දැන් Fiverr එකට යන්න.
  • Join ක්ලික් කරන්න.පහළ විදියට form එක එයි.සාමාන්‍ය විදියට පුරවන්න.user name එකට කැමති එකක් දාගන්න.



  • I agree to the terms of service එකට හරි ලකුණ දාලා එහා පැත්තෙ තියෙන ගාණත් හදලා Join ක්ලික් කරන්න.

  • අන්තිමට දාපු mail address එකට fiverr වලින් email එකක් එයි.ඒකෙ තියෙන link එක ක්ලික් කරලා email එක verify කරගන්න.

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ.මම මුලින්ම කියපු විදියට අර software එකෙන් IP එක වෙනස් කරගෙනම Join වෙන්න.එහෙනම් දැනට මම යනවා.

ඊළඟ ලිපියෙන් හමුවෙමු !




Thursday, January 24, 2013

Fiverr කියන්නෙ මොක්කද?




Fiverr කියල කියන්නෙ ඉතා පුළුල් වෙළඳපලක් කිව්වත් වැරදි නැහැ.මොකද මේකෙදි විකුණුම්කරුවන් සහ ගැණුම්කරුවන් සම්බන්ධ කිරීමක් තමයි කෙරෙන්නෙ.දැන් ඔයාල හිතන්න පුළුවන් මොන විකණීමක්ද කියලා.ඒ හැමදෙයක්ම මේක කියෙව්වට පස්සෙ තේරේවි.මුලින්ම කියන්න ඕනෙ පොඩ්ඩක් උනන්දු වෙනව නම් ඕන පොඩි එකෙකුට කරන්න පුළුවන් වැඩක් තමයි මේක !!!


Fiverr මගින් මුදල් හොයන්නේ කොහොමද?



Gig එකක් කියන්නේ $5ක් වටිනා එක කොටසකට. මෙහිදී අපිට විකුනන්න පුලුවන් $5 ඒවා විතරයි. ඒකෙන් $1ක් එම වෙබ් අඩවිය ගන්නවා. $4ක් අපට ගෙවනවා. withdraw කරද්දී 2% ක් කැපෙනවා. මේ හැරුනාම වෙන කිසිම ගාස්තුවක් අය වන්නේ නෑ.


Fiverr සදහා පොදු නීති


[$] ඔබ Gig එකේ සදහන් කරන්නවු කාලය තුල අවසන් ප්‍රතිඵලය Deliver කල යුතුයි.


[$] එතනින් පසු Gig එක මිලදීගත් පුද්ගලයා එය ඔහු බලාපොරොත්තු වන දේ බව සදහන් කර, Order Complete කල යුතුයි.


[$] Reject කලහොත් ඔහු බලපොරොත්තු වන පරිදි එය සම්පූර්ණ කර දිය යුතුයි.


[$] මුදල් ගිනුමට ලැබුනු පසු දින 14ක කාලයක් fiverr හි තැන්පත් කර තැබිය යුතුයි (Safety Clearance Period). එතනින් පසු ඔබට මුදල් withdraw කල හැකියි.


[$] ගිනුම් කිහිපයක් වුවද සෑදිය හැකියි, එම ගිනුම් සියල්ලෙන්ම එකම පේපැල් ගිනුමට මුදල් ලබාගත හැකියි.(2013 ට විශේෂ ක්‍රමයක් භාවිතා කර)


දක්ෂ වෙලෙන්දෙක් වීමට මොනවද ඕනේ?


[+] English නම් ඕනේමයි, ලියන්න, කියන්න, තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනේ.


[+] PhotoShop, illustrator, Flash, MS Office, Music Composing , Video Editing , Programming වගේ මොනවාහරි ක්ෂේත්‍රයක දක්ශයෙක් වෙන්න ඕනේ.


[+] ඔය එකක්වත් බැරිනම් විකටයෙක්වත් වෙන්න ඕනේ, ඒකත් බැරිනම් රට කපටියෙක් වෙන්න ඕනේ.





ඔයාට Web Design,Graphic Design,Social Marketing,Software Engineering වගේ දේවල් පුළුවන් ඇති.එහෙමත් නැත්නම් Computer එකෙන් මොනවම හරි වැඩක් ඇති දෙයක් කරන්න පුළුවන් ඇතිනෙ.බැරි උනත් අවුලක් නැහැ.කොහොම හරි......ඒ පුළුවන් වැඩේ ගැන තොරතුරු ටිකක් එක්ක දැන්වීමක් දානවා.ඒකට කියන්නෙ Gig එකක් දානවා කියල.එතකොට ඕක දකින කෙනා මට ඒක කරල දෙන්න කියල අපිට Order කරනවා.ඉට පස්සෙ අපි එයාට ඒ වැඩේ කරල දෙනවා.ඔන්න ඕක තමයි Fiverr වල වෙන මූලිකම දේ.ඔය වැඩේට අපිට $4ක් ලැබෙනවා.$1ක් Fiverr කපාගන්නවානෙ.ඒ කියන්නෙ අපිට දෙන්නෙ $4යි.ඒත් මොකෝ...රු.500 ක් විතර තියෙනවා..නේද?


තමන් මහන්සි වෙලා හෝ නොවී සාධාරණව මුදල් උපයනවා.ඉතින් කාටවත් කියන්න පුළුවන්ද මේක නීති විරෝදී කියලා.අනික පිට රටවල සුද්දො හරිම කම්මැලි ජාතියක්.ඒවුනාට උන්ට අත පිහදාන තරමටම සල්ලි තියෙනවා.ඒක නිසා උන්ට මානව හරි පොඩි වැඩක් කරවගන්න උවමනාව තිබ්බත් කාටහරි සල්ලි ටිකක් දීල ඒ වැඩේ කරවගන්නවා.ඔය නිසා තමයි Fiverr වලට පැවැත්මක් තියෙන්නෙ.ඔයා නිකමට Fiverr Home Page එකට ගිහින් බලන්න.මිනිස්සු දාල තියෙන්නෙ මොනවගේ Gig ද කියලා.දැක්කම හිනාත්යනවා.තමන්ගෙ මූණ කාටූන් එකක් කරල පෙන්නනවටත් මුන් $5 ක් ගෙවනවා.ඉතින් පොඩ්ඩක් හිතන්නකො....අපි මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් කරල දුන්නොත් කොච්චරක් මිනිස්සු අපට Orders දෙයිද?...ඒ කියන්නෙ $4 වා කීයක්ද?අපිට දවසකට Orders තුනක් ආවත් මොකද?


ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නෙ Fiverr කියන්නෙ ODesk වගේ සයිට් එකක් කියලා.නමුත් Fiverr ODesk වලට වැඩිය ගොඩක් වෙනස්.ඒ වගේම Fiverr තුළින් මුදල් ඉපයීම ඉතා සරලයි.ODesk වල නම් Exam කරන්නයි....Profile  Complete කරන්නයි වැඩ ගොඩයි...නමුත් ODesk වලින් ඉතා විශාල වශයෙන් මුදල් සොයන්න පුළුවන්.ටිකක් මහන්සි වෙන කෙනෙකුට නම් ODesk කියන්නෙ සල්ලි උල්පතක්...ඇති ඇති..මම ම් ලිපිය ලියන්නෙ ODesk ගැන නෙමෙයිනෙ.ODeskගැනත් ඉදරියෙදි ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා.


Fiverr ගැන පොඩ්ඩක් අඳුන ගන්නත් එක්ක පහළ images ටික බලමු.


උඩ පින්තූරයෙ තියන්නෙ Fiverr Home Page එක.ඔයාලට පේනව ඇති එක එක යූයර්ලා දාලා තියෙන Gigs.අපිට කරන්න පුළුවන් දේ ගැන දාන දැන්වීමත්(Gig එකත්)වැටෙන්නෙ ඔය විදියට තමයි.



   1-අපේ Fiverr account එකට ආපු විශේෂ notifications
   2-Fiverr account එකට අලුත් Gig එකක් Add කිරීම
   3-Fiverr account එකේ දැනට ඇති මුදල
   4-Fiverr account එකේ Rate එක(වැඩ කිරීමෙහි ගුණාත්මකභාවය)


හරි....ඕක තමයි මන් දන්න තරමින් ඔයාලට දෙන්න පුළුවන් හඳුන්වාදීම.Fiverr Account එකක් හදලා ඒකෙ වැඩ කරල ඩොලර් හොයාගන්න හැටිත්.....හොයාගත්ත ඩොලර් රුපියල් කරල අතට ගන්න හැටිත් කියල දෙන්නම් ඊළඟ ලිපි වලින්....අවුලක් තියෙනවා නම් කමෙන්ට් කරන්න....


ඔබට ජය !



අවශ්‍ය තැන් උපුටා ගැනීම iPlus Blog



Tuesday, December 18, 2012

අන්තර්ජාලය තුලින් මුදල් ඉපයීමට හැකිද?


සාදරයෙන් පිළිගන්නවා සියලු දෙනාවම...වර්තමානයේ බෙහෙවින්ම කතා කරන මාතෘකාවක් තමයි E-Money කියල කියන්නෙ.මේ ගැන එක එක අය එක එක විදියට කතා කරනවා.නමුත් E Money ගැන ගොඩක් අය හිතන්නෙ වැරදි විදියට. E Money ගැන පැහැදිලි හැඳින් වීමක් වගේම ආරම්භක පියවරේ සිට ඔබ බලාපොරොත්තු වන මුදල දක්වා ගමන් කරන්නේ කෙසේද යන්න ඉතාමත් සරලව කියා දෙන්නට මම සූදානම්.එසේ නම් මෙම ලිපියෙන් ආරම්භ වන Dollar To Lanka බ්ලොග් අඩවිය සමඟ දිගු ගමනක් යන්න ඔබට හැකිවේයැයි මා එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

හොඳයි...අපි දැන් බලමු E Money කියන්නෙ මොකක්ද කියලා.E Money කියන්නෙ අන්තර්ජාලය භාවිතයෙන් මුදල් ඉපයීමයි.දැන් බලනවා ඇති අන්තර්ජාලයෙන් කොහොමද මුදල් උපයන්නෙ කියලා.අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා.මම කිහිපයක් කියන්නම්.


  • වෙළඳ ඳැන්වීම් ප්‍රචාරනය (Advertising)
  • ඇඩ් ක්ලික් කිරීම (PTC)
  • ලිපි ලිවීම (iWriter)
  • විදේශ මුදල් විකිණීම (Forex)
  • මිනි ජොබ් (Mini Job)
  • Online ජොබ් කිරීම (ODesk,Freelancer,Elancer)
  • Fiverr

මතක තියාගන්න මම මේ සඳහන් කළේ බොහොම ටිකයි.තව බොහෝ ක්‍රම තියෙනවා.


E Money තුලින් අසීමිත ලෙස මුදල් හොයන්න අමාරුයි.කවුරු හරි එහෙම කියල තියෙනව නම් ඒක බොරුවක්.හැබැයි ඔයා මහන්සි වෙන තරමට නම් ඔයාට ප්‍රතිඵල ලැබෙනවම තමයි.මම කියන්නෙ මගෙ අත්දැකීමෙන්.සමහර මිනිස්සු ඉන්නව E Money තුලින් පුදුම විදියට සල්ලි හොයනවා.නමුත් අපට ඒ තත්වෙට එන්න අමාරුයි.එහෙම වෙන්න නම් ගොඩක් මොලේ පාවිච්චි කරන්න ඕනෙ.ඒ වගේම ගොඩක් මහන්සි වෙන්න ඕනෙ.කම්මැලි කමට ඉදියට E Money කරන්න බෑ.


වෙළඳ ඳැන්වීම් ප්‍රචාරනය (Advertising)



අන්තර්ජාලය අද බොහෝම ප්‍රසිද්ධ මාධ්‍යක් බව කවුරුත් දන්නවනෙ.ඉතින් බොහෝ දෙනා ගැවසෙන ස්ථාන වල දැන්වීම් ප්‍රචාරය කිරීම සාමාන්‍ය දෙයක්.ඒ වගේම තමයි බොහෝ ප්‍රසිද්ධ වෙබ් අඩවි තුලත් දැන්වීම් ප්‍රචාරය කිරීම සිදුවෙනවා.



වෙළඳ ඳැන්වීම් ප්‍රචාරනය මගින් මුදල් සොයන්නේ කෙසේද?


අපගේ වෙබ් අඩවියට බොහෝ ප්‍රසිද්ධියක් (Traffic) ලබා ගැනීම තුලින් යම් මුදලකට දැන්වීම් ප්‍රචාරනයට ඉඩක් ලබා දීම.නමුත් මෙම ක්‍රමය එතරම්ම සාර්ථක ක්‍රමයක් නොවේ...!
දැන්වීම් ප්‍රචාරක ආයතනයකින් බ්ලොගයට දැන්වීම් ලබා ගැනීම.
මෙම ක්‍රමය ගැන මුල සිට සරලව ඉදිරියෙදි කතා කරමු.


ඇඩ් ක්ලික් කිරීම (PTC)



අන්තර්ජාලය තුලින් මුදල් ඉපයීමේ ඉතා පහසුම ක්‍රමය වන්නේ මෙයයි.මෙහිදී සිදුවන්නේ PTC (BUX)වෙබ් අඩවි වල සාමාජිකයන් හට ඇඩ් ලබාදී ඒවා ක්ලික් කිරීමෙන් පසු ඉතා සුළු මුදලක් ඔවුන්ට ගෙවීමයි..නමුත් මෙයද එතරම් සාර්ථකයැයි කිව නොහැක.එයට හේතු කිහිපයක් ඇත.



  • ආරම්භයේදී ගෙවන මුදල 0.001 $ තරම් අඩු වීම.

  • 95% PTC (BUX) අඩවි ව්‍යාජ ඒවා වීම (මුදල් ගෙවන්නේ නැත)
  • Refferal සාමාජිකයන් එකතු කරගැනීම මෙන්ම පවත්වාගෙන යාම බොහෝ අසීරුය.
  • PTC අඩවි වල පැවැත්ම තහවුරු කළ නොහැක (කවද බූට තියයිද සිතිය නොහැක)


මෙම ක්‍රමය ගැනද මුල සිට සරලව ඉදිරියෙදි කතා කරමු.


ලිපි ලිවීම (iWriter)



තමන්ට ඉංග්‍රීසි දැනුම, ලිවීම හා කියවීම හැකිනම් මෙය ඉතා අගනා ක්‍රමයකි.පුවත් පතකට රසවත්ව හා සිත් ඇද ගන්නා සුලුව ඉංග්‍රීසි ලිපි ලිවීම කළ යුතුය.එහි රසවත් හා නිවැරදිතාවයට සාධාරණ මුදලක් ඔබට ගෙවනු ඇත.

මෙම ක්‍රමය ගැනද මුල සිට සරලව ඉදිරියෙදි කතා කරමු.



භාණ්ඩ අලෙවි කිරීම (Forex)


මෙම ක්‍රමය තුලින් ඉතා ඉක්මනින් ලොකු මුදලක් ඉපයීමට හැකිය.භාණ්ඩ විකිණීම මෙහිදී මූලිකවම සිදු කෙරේ.
මෙම ක්‍රමය මා භාවිතා කරන්නෙ නෑ.එම නිසා ඒ ගැන ලොකු තොරතුරක් දෙන්න මට බෑ.


මිනි ජොබ් (Mini Job)


මිනිජොබ් අඩවි තුල එහි සාමාජිකයින් හට දෙනු ලබන කුඩා වැඩ සඳහා සාධාරණ මුදලක් ගෙවයි.ඔබගේ හැකියාව අනුව මෙයද යම්තාක් දුරට සාර්ථකය.


Online ජොබ් කිරීම (ODesk,Freelancer,Elancer)


E Money තුල  Online ජොබ් කිරීමට අගනා ස්ථානයක් හිමිවෙනවා.මෙයට අදාල හොඳම වෙබ් අඩවිය ලෙස ODesk හඳුන්වන්න පුළුවන්.තමන්ට කළ හැකි Part Time Job තෝරා ගෙන ඒවා කර දීමෙන් බොහෝ විශාල මුදලක් සෙවිය හැක.



Fiverr


වෙබ් අඩවිය තුළ ප්‍රධාන වශයෙන් කතා කරන්නෙ Fiverr ගැන තමයි.මොකද Fiverr කියල කියන්නෙ අපට හිතාගන්නවත් බැරි site එකක්.ඔයා මහන්සි වෙලා job කරල මාසෙට රු.20 000ක් වගේ ගානක් හොයනවට වැඩිය Fiverr පාවිච්චි කරල ගෙදර ඉඳගෙනම මාසෙට රු.40 000ක් විතර හොයන්න පුළුවන්.මහන්සි වෙන්න කිව්වට එච්චර මහන්සි වෙන්න දෙයක් නම් නැහැ.ඔයාලට සිංහල තේරෙනවා නම් ඒ හොඳටම ඇති.මොකද ඔයාලට තියෙන්න මේ සයිට් එකේ තියෙන විදියට කරන්න විතරයි.


මෙතනදි වෙන්නෙ මේකයි.ඔයාලට Computer එකෙන් මොනව හරි දෙයක් කරන්න පුළුවන් කියමුකො.ඒ ගැන Fiverr එකේ දැන්වීමක් දානවා.ඒකට කියන්නෙ Gig එකක් දානවා කියලා.ඕක සුද්දෙක් දැක්කම එයා  එකට Order කරනවා.ඒකියන්නෙ මට ඒ වැඩේ කරල දෙන්න කියල සුද්දා කියනවා.ඒකට ඔයාට $5ක් දෙනවා.Fiverr වල ඕනම Gig එකකට $5ක් දෙනවා.ඊට වැඩිය නම් බැහැ.දැන් ඔයාල හිතනවා ඇති අපි Computer එකන් මොනවද කරන්න දන්නෙ කියලා.ඒ ගැන බය වෙන්න එපා.ඒ සේරම මම කියල දෙනවා.


ප්‍රධාන වශයෙන් ඔය සඳහන් කරපු ක්‍රම පිළිබඳව ඉතාමත් සරලව මම කියාදෙනවා.සල්ලි හොයාගන්න පියවරෙන් පියවර කියාදෙනවා.ඒ වගේම සල්ලි අතට ගන්නත් කියල දෙනවා.හැබැයි මේක සාර්ථකව කරන්න නම් උත්සාහයයි අධිෂ්ඨානයයි තියෙන්න ඕනෙ.දවසක් දෙකක් කරල අතහරිනව නම් කරන්න එපා.ඒ වගේම එක සැරේට හඳ අල්ලන්න හදන්නත් එපා.


ඔයා E-Money කරන්න හිතාගෙන ඉන්නවනම් මුලින්ම මේ දේවල් ගැන හොඳට හිතට ගන්න.

------ පහත සඳහන් මෙම කොටස ඔබගේ දැනුමට ලබාදීම අත්‍යවශ්‍ය නිසා SLMARKETER වෙබ් අඩවියෙන් ඒ අයුරින්ම උපුටාගත් බවත් මෙහි ස්තුතිය SLMARKETER කර්තෘට මිස මට නොලැබිය යුතු බවත් කරුණාවෙන් දැනුම්දෙමි. --------

Misconceptions..

ඔයාටත් මේ වැරදි අදහස් තියෙනවනම් අදම මේ දේවල් අයින් කරගෙන මේ ගමන පටන් ගන්න. ඔයා හරියට කරන දේ ගොඩක් කල් පවතිනවා.

1. නොමිලේ මුදල් හොයන්න පුලුවන්.

ඔයාට නොමිලේ මොනාහරි දෙයක් ගැන ඉගෙනගන්න පුලුවන්, නමුත් ඔයාට කවදාවත් නොමිලේ මුදල් හොයන්න බැහැ. සමහරවිට ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා මුලින්ම දකින්න ඇත්තේත් නොමිලේ කියන වචනයත් එක්ක වෙන්න ඇති.
දැන්වීමක් ලියද්දී ලියන්නේ එහෙම තමයි, නමුත් ඒ ලිව්ව දේ වැරදි වෙන්නේ ඇත්තටම කරන්න ගියාම. ඔයාට රුපිලක්වත් වියදම් නොකර අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න පුලුවන්, ඒ නිසා නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා කිව්වත්, ඔයාට ඒ දේ කරන්න කාලය වැයකරන්න වෙනවා.
කවුරුවත් ඔයාට නිකං සල්ලි දෙන්නේ නෑ, ඔයා කරන මොකක් හරි වැදගත්කමක් ඇති දේකට තමයි සල්ලි ලැබෙන්නේ. කොහොම නමුත් ඔයා නොමිලේ මුදල් හොයන්න පුලුවන් කියලානම් හිතාගෙන හිටියේ, දැන් ඒ මතය අයින් කරගන්න වෙලාවයි.

2. නිකං ඉඳලා මුදල් සෙවීම.

මේකත් ටිකක් මුලින් කිව්ව දේට සම්බන්ධයි. PTC කරන අය කියන්නේ නිකං ඉඳලා සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒත් එයාලා නිකං බලාගෙන ඉඳලා නෙමෙයි ඒ හොයන සුළු මුදලත් හොයන්නේ, එයාලා Ad Clicking, Viewing වැඩේ කරලයි හොයන්නේ.
කලින් කිව්වා වගේ ඔයාට කවුරුත් නිකං සල්ලි දෙන්නේ නෑ. ඔයා කරන සේවයට, ඔයා නිපදවන නිෂ්පාදනයට තමයි මුදල් ලැබෙන්නේ. ඉතින් ඔයා කවදාහරි නිකං ඉඳලා මුදල් හොයන්න පුලුවන් කියලා හිතාගෙන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ආවානම්, ඔයා වැඩිකල් යන්නේ නැතුව, මේ ගමන නවත්තනවා.

3. මුකුත් නොදැන මුදල් හොයන්න.

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් මුකුත් දන්නේ නැති අයට නෙමෙයි, මොනාහරි දෙයක්, ක්ෂේත්‍රයක් ගැන දැනුමක් තියෙන අයට. කලින් කිව්ව වැරදිමත දෙකම නිවැරදිමත වුනානම් මේකත් නිවැරදි වෙන්න තිබුනා. ඒත් කවදාවත් එහෙම වෙන්නේ නෑ.
PTC කරන අය කියන ප්‍රධාන හේතුවක් තමයි, මුකුත් නොදැන මේ දේ කරලා මුදල් හොයන්න පුලුවන් කියලා. ඒත් ඒ අය හැමදාම එකම තැන ඉඳියි, එහෙම හිටියොත්. දන්නේ නැති වෙන්නේ ඔයා ඒ දේ ගැන හොයන්නේ නැති වුනාම. අන්තර්ජාලය තියෙන ලොකේ මොනාද ඔයාට දැනගන්න බැහැයි කියන්න පුලුවන්..? දැනගන්න බැහැයි කියන්න පුලුවන් දේවල් බොහෝම අතලොස්සයි තියෙන්නේ. ඔයා මේ මතයේ හිටියනම් අදම ඔයා කැමති දේ ගැන ඉගෙනගන්න පටන් ගන්න.

4. Living Income එකක් හෙවත් ජීවත්විය හැකි ආදායමක් උපයන්න බැහැ.

මේක තමයි තවත් ලොකුම වැරදිමතයක් වෙන්නේ, ඔයාට තාමත් විශ්වාස කරන්න බැරිද අන්තර්ජාලයෙන් ඔයාට දිගටම ජීවත්විය හැකි තරමේ ආදායමක් ගන්න පුලුවන් කියලා.? ඔයා මේ ක්ෂේත්‍රය ගැන නොදන්න කෙනෙක්නම් ඔයා අනිවාර්යෙන් මේ ප්‍රෂ්ණයට ‘බැහැ’ යන උත්තරය දෙයි.
ඒ ඔයාගේ නොදන්නකම මිසක් ඇත්ත නෙමෙයි. මුලු ලොකේම Internet Marketing වල වර්තමානය ගැන බලනකොට, ඔයාට තනිකරම අන්තර්ජාලයෙන් මුදල උපයලා ජීවත්වෙන මිනිස්සු ලක්ෂයක්වත් හම්බවෙයි. ඉතින් ඒ අයට කරන්න පුලුවන් නම් ඒ දේ, ඇයි ඔයාට කරන්න බැරි. ඒක ඔයාගේ ඕනනැතිකම මිසක් කරන්න බැරි දෙයක් නෙමෙයි.
ඔයා ඔයාගේ හිත පොළඹවාගන්න මේ දේ කරන්න පුලුවන් කියලා. ඔයාට ලොකු ආත්මවිශ්වාසයක් තියෙනවනම් ඉක්මනින් ඕනම ලොකු Goal එකකට ලගාවෙන්න පුලුවන්.

5. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ පට්ට වෘත්තියක් නෙමෙයි.

ඔයාට තැනකට ගිහිල්ලා ඔයාගේ ජීවන වෘත්තිය(Occupation) මොකක්ද කියලා ඇහුවම අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා කියන්න බැරිවෙන්න පුලුවන්. ඒත් මේක ඔයා හිතන තරම් චාටර් ජීවන වෘත්තියක් නෙමෙයි කවදාවත්.
හරියට අන්තර්ජාලයෙන් මුදල් හොයන අය මේ දේට කියන්නේ මෙන්න මේ වගේ නම් Internet Marketing, Internet Entrepreneur, Online Marketer. මොකද ඒ නම් ගැළපෙන හින්දා තමයි ඒවා පාවිච්චි කරන්නේ.
ඔයාගේ අසල්වැසියෝ හිතයි, ඔයා රැකියාවක් කරන්නේ නැතුව ගෙදර නිකං ඉන්නවා කියලා, නමුත් ඔයාට පුලුවන් ඒ අයට විස්තර කරල කියන්න ඔයා කරන්නේ මොනවද කියලා. ඕනම අලුත් දෙයක් දිහා මුලින්ම මිනිස්සු බලන්නේ අමුතු විදිහට ඒක ඒ අලුත් දෙහි වරදක් නෙමෙයි, ඒ බලන කෙනාට තියෙන නොදැනීම, නුහුරුකම. මේක Professional Occupation එකක් කියලා මේක හරියට කරනකොට ඔයාට තේරුම් යයි.

Boosting Qualifications

අද ලංකාවේ ගොඩක් දෙනා කියන්නේ තමන්ට English දන්නේ නෑ, කරන්න මොකක් හරි දෙයක් දන්නේ නැහැ කියලා නමුත් ඔයාට අන්තර්ජාලය තියෙනවා කියන්නේ මුලු ලොකේම ඔයා ලඟ වගේ. ඒ මුලු ලොකේටම යන්න ඔයාට අවශ්‍ය වෙන්නේ English විතරයි. දැනුම ඔයා ලඟට එන්නේ නෑ, ඔයා දැනුම හොයාගෙන යන්න ඕනා. ඔයා මුකුත්ම නොදන්න දැන් ඉපදුන බබෙක් නෙමෙයිනේ. ඉතින් ඔයාට හොයාගෙන යන්න බැරි වෙන්නේ නෑනේ.
ඔයාට English දැනුම මදියි නම් මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් තරම් English දැනුමක් ලැබෙයි.
1. English සිංදු අහන්න නිතරම.
2. English සිංදු වල Lyrics අරගෙන කියවන්න.
3. ඒවා ඔයාට දැනට තියෙන English දැනුමෙන් තේරුම්ගන්න බලන්න.
4. තේරෙන්නේ නැති වචනයක් ආවාම Dictionary එකෙන් බලන්න.
5. ඔයාට තේරුනේ නැතිවුනත් කමක් නැහැ අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි කියාදෙන English බ්ලොග් කියවන්න.
6. තේරෙන්නේ නැති තැනක් ආවම ඒක දන්න කාගෙන්හරි අහගන්න, Dictionary එකෙන් බලන්න.
7. English උප සිරැසි එක්ක English Movies බලන්න.
කෙටියෙන්ම කිව්වොත් නිතරම English එක්ක ඉන්න, ඔයාට ඉබේම හොන්ද English දැනුමක් එයි. ඔයාට හොන්ද වාක්‍ය ඛණ්ඩ(Phrases) හොයාගන්න පුලුවන් මේ විදිහට කලාම. ඔයාට දන්න English වලින් නොදන්න English ඉගෙනගන්න පුලුවන්. ගොඩක් දෙනා සිංහල Forum වල පුන්චි දේ පවා අහනවා, ඒත් ඔයාට ඇයි බැරි ඒ දේවත් Google එකේ හොයලා තනියම ඉගෙනගන්න? ඒකෙන් ඔයාගේ English දැනුම වැඩිවෙනවා, Google එකේ හොයන හැටි අත්දැකීම එනවා.
English දන්නවනම්, අන්තර්ජාලයත් ලඟ තියෙනවනම් ඔයාට කැමති දේ ඔයාට ඕන විදිහට ඉගෙනගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා මුකුත් නොදැන කරන්න බැරි බව ඔයා දැන් දන්නවනේ. ඉතින් ඔයා ඉගෙනගන්න ආස, කැමති විෂය ඉගෙනගන්න පටන්ගන්න අදම අන්තර්ජාලය හරහා.
ඔයා Web Design, Developing වලට කැමතිවෙන්න පුලුවන්, ඒක ඉගෙනගන්න ඔයාට Course එකක් කරන්නම් ඕන නැහැ. අන්තර්ජාලයෙන් හොයලා ඉගෙනගන්න පුලුවන්. මං කලින් ලිපියකිනුත් කිව්වනේ දැනුම Monetize කරන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා කියලා, ඉතින් ඔයා ඒ ඉගෙනගන්න දේ පාවිච්චි කරලා ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්.
ඒ නිසා මුලදි කිව්ව වැරදි අදහස් අයින්කරගෙන, English දැනුම වර්ධනය කරගන්න. ඊටපස්සේ ඔයාගේ Passion එක තියෙන විෂය ඉගෙනගන්න පටන්ගන්න. ඉගෙනගන්න දේවල් පාවිච්චි කරලා වැදගත් දෙයක් කරන්න. එතකොට සල්ලි ඔයාගේ පස්සෙන් එයි
------ ඉහත සඳහන් මෙම කොටස ඔබගේ දැනුමට ලබාදීම අත්‍යවශ්‍ය නිසා SLMARKETER වෙබ් අඩවියෙන් ඒ අයුරින්ම උපුටාගත් බවත් මෙහි ස්තුතිය SLMARKETER කර්තෘට මිස මට නොලැබිය යුතු බවත් කරුණාවෙන් දැනුම්දෙමි. --------




එහෙනම් ඊළග ලිපියෙන් වැඩේ කරගෙන යමු.
ඔබට ජය !